Tuesday, July 26, 2011

බල්ලගේ වටිනාකම...

අදත් මම කියන්න යන්නේ වැඩිය දිග නැති ආතල් කතාවක්. මේක මම දැක්කේ එක ජෝක් තියන සයිට් එකක.

ඔන්න දවසක් මිනිහෙක් ගමනක් යනකොට පාරේ මරණයක් ගෙනියන අවමංගල්‍ය පෙරහැරක් දැක්කලු. ඇත්තටම එතන මරණ දෙකක්. එකම පවුලේ වගේ. මරණය පිටිපස්සෙන් හොදට හැදිච්ච මරුමුස් පෙනුමක් තියන බල්ලෙක් යනවලු. ඌට පස්සෙන් මිනිහෙක් හෙන හයියෙන් අඩ අඩා යනවලු. මේ ඔක්කොටම පස්සෙන් මිනිස්සු 200-300 විතර ලොකු පිරිසක් යනවලු.


හොදට මිනිස්සු ආශ්‍රය කරන වැදගත් පවුලක කෙනෙක් වෙන්න ඇති කියල අර මිනිහත් හෙමිට ලංවෙලා අර අඩ අඩා ගියපු මිනිහගෙන් ඇහුවලු

මිනිහ 1: “මහත්මයා, ඔය ඉස්සරහ තියන හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ වයිෆ්. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ වයිෆ්ව කෑවනේ මැරෙන්නම. අයියෝ මගේ රත්තරන් ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “මගේ කනගාටුව මහත්මයා, එතකොට ඔය දෙවෙනි හර්ස් එකේ ඉන්නේ කවුද?

මිනිහ 2: “ඒ මගේ නැන්දම්මා. ඔය ඉස්සරහින් යන බලු තඩිය මගේ නැන්දම්මාවත් මැරෙන්නම කෑවනේ. අයියෝ නැන්දම්මේ ඔයා නැතුව මට ඉදල වැඩක් නෑ...” (හයියෙන් අඩනවලු....)

මිනිහ 1: “අප්පා.. ඒකත් එහෙමද??.. එහෙනම් මහත්තයෝ කරුණාකරලා මට ඔය බල්ල දෙන්න පුලුවන්ද දවසකට??

මිනිහ 2: අඩන එක නවත්තල සාක්කුවෙන් මොනවද අරගෙන “මෙන්න මේ නොම්බරේ තියාගෙන ඔය පස්සෙන් එන පෝලිමේ පස්සටම එකතුවෙන්න මහත්තය” කියල නොම්මරයක් ලියපු තුන්ඩු කෑල්ලක් අර මිනිහට දීලා ආයෙත් අඩන්න පටන් ගත්තලු...

Sunday, July 24, 2011

ඩෙඩ් ලොක්... Dead Lock!!!....(ලොල් සහගතය)

මේකත් මට ආපු සුපිරි ඊයක්.. සුපුරුදු පරිදි මම පරිවර්තන ජොබ් ඒක ඔයාල වෙනුවෙන් කරාලු ඔන්න..

කොම්පුටර් කොරන අයනම් දන්නවා මේ ඩේඩ් ලොක්... Dead Lock!!! කියන වචනේ තේරුම. ඔයාල දැනට දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක කියවල ඉවර උනාම අනිවා දැනගනී.

ඔන්න කොම්පුටර් ඉගෙන ගන්න කොලුවෙක් පන්තියේ සෑර් කාරයාගෙන් ඇහුවලු සෑර් මොක්කයි මේ "ඩේඩ් ලොක්"  කියන්නේ..

සෑර් සුපිරි ඩයල් එක. මිනිහ උදාහරණයකින් වැඩේ කියල දුන්න මෙන්න මෙහෙම.


ඔන්න කොම්පැනියක ලොක්ක තමන්ගේ පවුද්ගලික ලේකම් කෙලීට කතා කරලා කියනවා  
"කෙලී, අපිට ලබන සතියේ බිස්නස් ටුවර් එකක් යන්න තියනවා. ඒකට ඕනේ කරන දේවල් ලෑස්ති කරන්න."

කෙලී එයාගේ මිනිහට කෝල් කරනවා  
"මේ මම ලබන සතියේ අපේ බොස් එක්ක රටින් පිට යනවා. ඔයාට ලබන සතියේ තනියෙන් තමා ඉන්න වෙන්නේ"

මිනිහ උගේ හොර ගෑණිට ගන්නවා කෝල් එකක්  
"පැටියෝ.. මගේ වයිෆ් ලබන සතියේ රට යනවා. ඔයාටයි මටයි සතියම නිදහසේ ජිල්පුටුස් දාන්න පුළුවන්"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් එයා පවුද්ගලික පන්ති කරන ළමයට
"ළමයෝ ලබන සතියේ මට වැඩ ගොඩක් තියනවා. මට පන්ති කරන්න වෙන එකක් නෑ."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට (ළමයාගේ සීය අපේ කතාවේ මුලින්ම එන බොස්)  
"සීයේ මගේ මිස්ට ලබන සතියේ වැඩ වගයක් තියනවලු. මට පන්ති නෑ. මම සීයත් එක්ක සතියම ඉන්නම්"

දැන් බොස් කතා කරනවා අර ලේකම් කෙලීට  
"කෙලී, මගේ මුණුපුරාට ලබන සතියේ පන්ති නෑලු. මම එයා එක්ක සතිය ගත කරනවා. අර ගමන කැන්සල් කරන්න"

කෙලී කෝල් කරනවා එයාගේ මිනිහට  
"මේ, අපරාදේ අප්පා, ගමන කැන්සල් උනා. අපි යන්නේ නෑ රට"

මිනිහ ගන්නවා කෝල් එකක් හොර ගෑණිට  
"බලන්න රත්තරන්, ගමන කැන්සල් වෙලාලුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි වෙන විදියක් බලමු"

හොර ගෑනි ගන්නවා කෝල් එකක් ළමයට  
"ළමයෝ මම මගේ වැඩ ටික පොඩ්ඩක් වෙනස් කරා. ඔයාගේ විභාගේත් ලගනේ. පන්ති තියනවා."

ළමය ගන්නවා කෝල් එකක් එයාගේ සීයට 
"අයියෝ සීයේ, අපේ මිස් කිව්වා පන්ති තියනවා කියල. මට එන්න වෙන්නේ නෑ"

දැන් ආයෙත් අර බොස් කතාකරනවා ලේකම් කෙලීට  
"කෙලී, මුණුපුරාගේ පන්ති තියනවලු. දැන් ප්‍රශ්නයක් නෑ. අර ට්‍රිප් එක ලෑස්ති කරන්න. අපි ලබන සතියේ යනවා..."

ඔන්න ඕකට තමයි ඩේඩ් ලොක් කියන්නේ... උදාහරණ වලින් පාඩම් කියල දෙන එක ගැන අපේ මධුරංග අයියත් පහුගිය දවසක දැම්ම සුපිරි පොස්ටුවක්. මෙතනින් ගිහින් ඒකත් බැලුවනම්. කොමෙන්ටුවක් දාන්න අමතක කරනවා එහෙම නෙමේ...

Friday, July 22, 2011

ඉන්ටව් එකකින් තේරෙන්න ඕනෙනං මෙහෙම උත්තර දෙන්න..

මේක මට ආව ජොලි ඊයක්. සුද්දගේ බාසාවෙන් තිබුනේ. පුරුදු විදියට සිංහලෙන්, ලුණු අබුල් දාල ඔන්න මම කොටනවා. කියවලම බලන්නකෝ..
 
 
ඔන්න පුද්ගලයෙක් ඉන්ටව් එකකට ගියාලු. දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.

ඉන්ටව් කරන කෙනා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.

අයදුම්කරු : හොදමයි සෑර්.....

ඉ.ක.කෙ. : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”

අයදුම්කරු: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”

ඉ.ක.කෙ.: එන්න..

අයදුම්කරු: යන්න..

ඉ.ක.කෙ.: කැත..

අයදුම්කරු: හුරුබුහුටි..

ඉ.ක.කෙ.: හුරුබුහුටි???

අයදුම්කරු: කැත..

ඉ.ක.කෙ.: කට වහනවා..

අයදුම්කරු: දිගටම කතා කරනවා..

ඉ.ක.කෙ.: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්..

අයදුම්කරු: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්..

ඉ.ක.කෙ.: අඩේ.. උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්..

අයදුම්කරු: අඩේ.. උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්..

ඉ.ක.කෙ.: අනේ යාලුවේ..

අයදුම්කරු: අනේ හතුරෝ..

ඉ. ක.කෙ.: පලයන් එලියට..

අයදුම්කරු: වරෙන් ඇතුලට..

ඉ.ක.කෙ.: අනේ දෙවියනේ...

අයදුම්කරු: අනේ යකුනේ..

ඉ.ක.කෙ.: ඔබව තෝරාගන්නේ නෑ.. කනගාටුයි..

අයදුම්කරු: මාව තෝරගත්ත.. බොහොම ස්තුතියි සෑර්..!!

අපි කැපුන එහෙනම්..

Tuesday, July 19, 2011

හෙළුවෙන් බීච් එකේ සුද්දියෝ ටිකක් වටකරගෙන නාන්න ඕනෙද??? 18+ පිරිමි සදහා පමණි..




ඔය උඩ තියන ප්‍රශ්නේ ඇහුවොත් “ඊය....ඕනේ නෑ” කියන කොල්ලෙක් ඉන්නවනම් ඌ අනිවා ඉටිපන්දම් ෆෑන් කෙනෙක් වෙන්න ඕනේ(ටියුබ් ලයිට් අය මේකේ තේරුම දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා හොදයි). උබල අපි හැමෝම මේ ප්‍රශ්නෙට පැනල දෙන්නේ 

“අනිවා... ඕක ඉතින් ආයෙත් අහන්නත් දෙයක්ද??” 

කියන එකනේ. (මේක හොරෙන් කියවන ගෑනු ළමයි ප්‍රශ්නය තමන්ට ගැලපෙන විදියට වෙනස්කරගන්න...)

මු මේ මොකාටද අද එන්න හදන්නේ කියන එක තමයි බොලාලට එන ඊලග ප්‍රශ්නේ.. රටේ ලෝකේ ගැන අවධානයෙන්, විපරමෙන්, පොතක්-පත්තරයක් බලන අපේ ජොන්ටන්ටනම් පොඩ්ඩක් විතට ක්ලික් ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ කියල.

වැල් වටාරම් නැතුව කෙලින්ම මම කතාවට බහින්නම්කො.
ඔන්න ඊයේ මම වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල ඇග පත හෝදගන්න කලින් පොඩ්ඩක් වාඩි වෙලා සති අන්තේ පත්තරේ පොඩ්ඩක් පෙරලනකොට දැක්ක මාරු ආටිකල් එකක්. ලංකාවේ හෙළුවෙන් නාන්න පුළුවන් වෙරල තිරයක් හදන්න යනවලු. ඩේග ඩේග පරි රබුට කැකිරි කිව්වලු. මට ඉතින් හෙන ආතල්, මම පොඩ්ඩක් කියෙව්වා මොකද්ද මේ හරුපේ කියල. යකෝ වැඩේ කියන්නේ මේක හදන්න යන්නේ කළුතර ප්‍රදෙශයේලු. ලෝක ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් කි.මි.1.5 දිග කළුතර වෙරල තිරයේ ලස්සනම කොටසක මේ ජොලි වැඩේ කරන්න යනවලු. ඒ වෙරල තිරයට කියන නමකුත් තිබුන මට මතක නෑ.

අපි ලෝක කුපාඩියෝ බව ඇත්ත. ඒක මුළු ලොවමත් අපිත් දෙගොල්ලොම දනී. ඒත් අපි ඇතුලෙත් පොඩ්ඩක් විතර ලංකාව කියන දේ ගැන පොඩි භක්තියක් තියනව. ඔය මහලොකුවට කියන තරං සධාචාරයක් දැන් රටේ නැතිබව ගමක ඉපදුනත් කොලබ රටේ හැදිච්ච, කොලබ රාත්තිරියේ ගමන බිමන්, සමාජ ශාලා වලට යන මම කොලුවා හොදටම දන්නවා උනත්, තාම මේ සංකර කෙලිය කොලබ රාත්‍රී සමාජශාලා වලට සිමා වෙලා තියන ඒක ගැන කොලුවා ඉන්නේ අප්‍රමාන සතුටෙන්. මොන කෙලි තිබුනත් තාම යාළුවෙලා ඉන්න කාලේ විතරක් නෙමේ බැදලා දරුවෝ හදල හිටියත්  දෙමාපියන් ඉස්සරහ, වැඩිහිටියන් ඉස්සරහ සිලාචාරව හැසිරෙන්න අපේ උන් දන්නවා. බල්ලෝ බලල්ලුන්ගෙන් මිනිහ කියන එකා වෙන් වෙන්නේ කකුල් හතරෙන් යාමෙන් විතරක් නෙමේ කියල ලංකාවේ අපි දන්නවා. 

අපි අයෙත් මාතෘකාවට ඇවිල්ල බලමු මේ වැඩේ ක්‍රියාත්මක උනොත් මොකද්ද වෙන්නේ කියල. ලංකාවේ සම්පුර්ණ නිරුවත් මුහුදු තිරයක් හැදෙයි. අලුතින් රටට ගොඩක් අය එවී. ලොකු ගානක් දීල මේකට යාවි. (අනිවා අපිත් යාවි ඕක හැදුනොත්) අපේ පාලකයොන්ට දැන් ඕනේ කරන්නේ සල්ලි මිසක් රටක් ජාතියක් සංස්කෘතියක් නෙමේ කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔය අස්සේ පොඩි කැලෑවල, ගස් ගල් අස්සේ අපේ කොල්ලෝ කුරුට්ටෝ සිකුරිටි ගාඩ් එකේ ඇස් වහල හැංගි හැංගි බලන් ඉදිවී සුද්දෝන්ගේ සහ සුද්දියන්ගේ අහවල් ඒවා. බලන් ගෙදර ගිහින් කියාවි 

“යකෝ මගේ ඉටිපන්දම දුබුරු පාටයි, අරුගේ සුදු පාටයි..” 

“ඊය විතරක් අරු නිකක් මයිල් හැලිච්ච බල්ලෙක් වගේ. ඇගේ එක මයිල් ගහක් නෑ, අඩුම ගානේ ____ වත් නෑ. එකට මගේ...”

“කොහොමද අර සුද්දිගේ _____, යකෝ මට හිරේ ගියත් කමක් නෑ හෙටනම් අනිවා එක සුද්දීයෙක්ට _____”

නිරුවත් වෙරල තීරවල ප්‍රසිද්ධියේ ලිංගික හැසිරීම කරන්න පුළුවන් වෙනමම ස්ථාන තියන එක සාමාන්‍ය දෙයක්. කොහොමද ලංකාවේ පොලවේ, විශේෂයෙන් කළුතර පුජනිය නගරයේ බල්ලෝ බළල්ලු වගේ ගෑනු මිනිස්සු ප්‍රසිද්ධියේ අහවල් එක කොරන කොට...???

සුද්දොන්ටනම් ඕව ගානක් නෑ. නමුත් අපිට එහෙමය. අපි ඕව ඔයහැටි දැකල තියනවය. කීයක් දීල හරි ඇතුලට ගියා කියමුකෝ. කොහොමද සුද්දියෝ දැකල අපේ කොල්ලෝ ෆයර් වෙලා යනකොට?? අතින් වහගන්න කියලය?? වහගෙන යන්න ඕනෙනං මේකට එන්නේ නෑනේ. වැරදිලා හරි වට පිට බල බලා ගිහින් කකුල පැටලිලා වැටුනොත් අරුගේ අනාගතේ ඉවරනේ. අනිවා දෙකට කැඩෙනවා. කඩාගන්නේ නැතුව එලියට ආව කියපල්ලකෝ.. ඔය හම්බානකට ෆයර් වෙච්ච එකා කොයි ලෝකේ හරි අගු පිලක හෝ ලිබටි වැනි සුපිරි පන්තියේ ස්ථානයක සොදුරු කාලයක් ගතනොකර ගෙදර යාවිද?? දීපල්ලකෝ උත්තර???

තාම මේක තියෙන්නේ සාකච්චා මට්ටමේ උනත්, මමනම් කියන්නේ මේ වගේ දේවල් ලංකාව ඇතුලේ සාකච්චා මට්ටමට වත් ගේන්න ඕනේ නැති දේවල් කියල. සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග නැගුන ජන රැල්ලෙන් ඇවිල්ල දැන් මහින්දගේ අමුඩේ ලෙව කන අර බලු උරුමේ ඉන්න කුපාඩි ටිකට වත් මේවා පෙන්නේ නැද්ද? කොහේ පේන්නද, ඔය කැසිනෝ කාරයෝ සල්ලි මිටි ඔය පාහරයින්ගේ ඔලුව ගාවට එනකල් ගොඩගහල. ඉතින් ඉස්සරහ පෙන්නේ නෑ. පෙන්නේ සල්ලි විතරයි. (පොඩ්ඩක් සැරට කතා කරාට සමාවෙන්න ඕනේ. මීට වඩා ශිෂ්ට වචනෙන් මට මේක කියන්න තේරෙන්නේ නෑ) 

මම උපන්ගෙයි UNP කාරය. මේ එන චන්දෙටත් මම කතිරේ ගහන්නේ අලියට. නමුත් මම මහින්දට ගරු කරනවා. මොකද එයා රටට ලොකු දෙයක් කරා. අපේ පිළලයක් වෙලා තිබුන යුද්දය මහින්ද ඇරෙන්න වෙන කවුරු හිටියත් ඉවර වෙන්නේ නෑ කියල මම බය නැතුව කියනවා. ගරු කල යුත්තට ගරු කලයුතුයි. නමුත් තමාගේ නිලය ලබා ගන්න වැඩියෙන් උදවූ උනේ ලංකාවේ පන්සල කිව්වොත් රෙද්ද ගලවල උගස්‌ තියල හරි දානයක් මානයක් කරන අහිංසක අපේ අම්මලාගේ තාත්තලාගේ, සියලගේ ආච්චිලගේ චන්දය මිසක් කැසිනෝ කාරයන්ගේ සල්ලි නෙමේ කියල මහින්ද ජනාධිපති තුමා උනත් දැනගන්න ඕනේ. එහෙම පත්වෙලා මේවගේ දේවල් වෙනකල් බලන ඉන්න උන් ගැන මට කියවෙන්නේ සුද්ද සිංහලේ හොදම ඒවා. (කැසිනෝ කාරයන්ගේ සල්ලි වලින් අර අහිංසකයන්ගේ චන්දය සුක්ෂමව ගත්ත කියන එක වෙනම කතාවක්. නමුත් මම ඒ වැඩේට විරුද්ධ නෑ. ඕනෑම කෙනෙකුට එක කරන්න පුළුවන්. UNP එකට ඔය ඕනතරං සල්ලි තියෙන්නේ. කෝ ප්‍රතිපල??? මහින්ද අනිත් අයට වඩා ඒ වැඩේට දක්ෂයි. ඒක අගය කලයුතුයි.)

සල්ලි ඕනේ තමයි. නමුත් බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන තත්වෙට වැටෙන්නේ ඇයි අපේ නායකයෝ??  අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ තමයි, නමුත් අපේකම අපේ දේ රැකගෙන තමාගේම අනන්‍යතාවක් ඇතුව ඉස්සරහට ගියොත් තමා අපිට පැවැත්මක් තියෙන්නේ. නැත්නම් වෙන්නේ ඔය දැන් පදුරකට ගලක් ගැහුවොත් 10ක් විතර විසි වෙන ස්ටාර්ලට වෙන දේමයි. තරගේ ඉන්නකල් කාව හරි කොපි කරලා ඉන්නවා. ඉවර උනාම බල්ලෙක්වත් ගණන ගන්නේ නෑ. මොකද අනන්‍යතාවක් නෑ.

පාට පක්ෂ වැඩක් නෑ. අපි එකා වගේ ඉදගෙන මේ වගේ අසමජ්ජාති වැඩ වලට එරෙහි වෙන්න ඕනේ.. එහෙම නැත්නම් අපේ පුතා, දුව අවුරුදු 10-15 වෙනකොට ලිංගික අධයාපනය දෙන තැනකට යවන්න හිත හදාගන්න ඕනේ. මොකද නැත්නම් මුන් නිරුවත් වෙරළේ සිද්ධවෙන දේවල් අත්හදා බලන්න ගියොත්... මටනම් හිතෙන්නේ දැනටත් පරක්කු වැඩි. මොකද බලය කියන දේ ඕනවට වඩා වැඩි උනාම ඕනෙම හොද මිනිහෙක්ට තන්හා යකා වැහෙන එක නවත්තන්න බෑ.

මට තේරෙන විදියටනම් මේ අරන් තියෙන්නෙ පළමු පියවර විතරයි. තවත් හොද හොද සෙල්ලම් ඉස්සරහට තියේවි. දැන් අපිට කරන්න තියෙන්නේ වෙන්නේ මොකද්ද කියල බලන ඉන්න එක විතරද කියල තීරණය ඔයාලගේ අතේ....

ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේක දේශපාලන පොස්ටුවක් නෙමේ. කොමෙන්ටුවල නිකන් පාට පක්ෂ අල්ලන් ගහ මරාගන්න ඕනේ නෑ. කොමෙන්ටුවක් විදියට මට වැදගත් වෙන්නේ මගේ ප්‍රධාන කතාව ගැන ඔයාලගේ අදහස් දැනගන්නයි.

Sunday, July 17, 2011

ADK කොලුවා බ්ලොගයේ 50වෙනි පොස්ටුවත් දැමු වගයි...


ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත් අන්තිම සති අන්තයේ කීපදෙනෙක් සැබෑවටම දැකගන්නත් ලැබුන එක සතුටක්. ඉස්සරහට ගොඩක් අයව දැක බලාගෙන සේටර් වෙලා තවත් අලුත් බොකු ටිකක් ඇති කරගන්න හිතන් ඉන්නවා..

අදට මම බ්ලොග් එක පටන් අරන් දින හරියටම 78යි. හරි හරියට පොස්ට් දැම්ම. ගොඩක් කට්ටිය ඒවා බැලුව, කොමෙන්ට් දැම්ම, මාව දිරිගන්වුව. මම මේක කොටන වෙලාව වෙනකොට මට කෙම්න්ටු 640ක් ලැබිල තියනවා. ඒ කියන්නේ එක පොස්ටුවකට කොමෙන්ටු 13ක් වගේ. අදටත් මට දවසකට සාමාන්යෙන් පොස්ට් එකක් දැම්මොත් හිට්ස් 250+ විතර වැටෙනවා. මම වගේ ආධුනිකයෙක්ට ඒක හොද කවුන්ට් එකක් කියල මම හිතනවා. ඒ ගැන මම ආඩම්බරයි.

මම හැමදාම කියන්න වගේ මම බ්ලොග් ලියන්න මුල් උනේ රංග අයියගේ මගේ ලෝකය දැකල. ඊට පස්සේ මාරයාගේ, සාතගේ, ඕනයගේ, කිඩෝගේ, කතන්දරගේ, මධුරංගගේ, රත්ගමයාගේ වගේ එකී නොකි ගොඩක් බ්ලොග් වල ආභාෂය මට ලැබුන. දැනට මගේ බ්ලොග් ඒක ෆලෝ කරන අයත් 75 ක් ඉන්නවා. එකත් උපරිමයි. මුල් දවස් වල මගේ බ්ලොග් ඒක බැලුවේ මගේ ඉස්කෝලේ සහ සරසවියේ අය කීප දෙනෙක්. එයාල තාම මාත් එක්ක ඉන්නවා. ඒක ගැන හරි සතුටුයි. දැන්නම් දිනපතා බලන අය ලෝකෙ වටෙන්ම ඉන්නවා. ඔය පැත්තෙන් තියන ෆීඩ් කෑල්ලෙනුයි, මගේ හිට් සොසස් බැලුවමයි ඒක සැහෙන්න තේරෙනවා.  මට හරි සතුටුයි.

මිට අමතරව මට උන කුප්පම සිද්දිය, ඇත්තම අද්දැකීමක් ලියපු අසහන කාරයෝ.. - අනං මනං” පොස්ට් එකට ඒක දවසට හිට්ස් 1600+ ආව එක මට බ්ලොග් ජීවිතේදී අමතක කරන්නම බෑ. ඒක මෙයිල් එකක් විදියට මටම ආව මේ ලගදි. හැබැයි මගේ නමනම් තිබුනේ නෑ එකේ. ලොල්. මගේ ඔය පොස්ට් එක එළකිරි එකේ රුකාමැක්ස් කියල ගොන් ජොන්ටෙක් උගේ එකක්වගේ දාලත් තිබුන.

ඇත්තටම මේ මගේ 51වෙනි පොස්ට් එක. මොකද කලින් මම දාපු එක පොස්ට් එකක්, ඒකට සම්බන්ද කෙනෙක්ගේ ඉල්ලීම පිට(කොපි කිරීමක් නෙමේ, ඒක එයාගේ පවුද්ගලිකත්වයට හනිවෙනවා කියල තිබුන. හැබැයි පොස්ට් එකේ එයාගෙ නමවත් තිබුනේ නෑ. නමුත් මට වලි දාගන්න ඕනේ නෑ මේ වෙඩිම නිසා)  අයින් කරන වීම මගේ පුංචි බ්ලොග් ජිවිතේ දුකම සිද්දියක්.

මගේ බ්ලොග් එක කියවන අයගේ දැනුම වැඩි කරන්න මම පටන්ගත්ත "ආයෝජන - Investments" පාඩමත් වැඩිය හිට්ස් නැති උනත් යම් පිරිසක් එකෙන් ප්‍රජෝජන ගන්නවා කියල තේරෙනවා. මගේ ඔපීසියේ ගොඩක් දෙනෙක් මට හම්බ වෙලා කිව්වා ඒ පොස්ට් සෙට් එක පට්ට කියල. නමුත් වැඩේ තියෙන්නේ උන් ඔක්කොම බලනවා විතරයි. කොමෙන්ට් නෑ. කමක් නෑ. ඊයේ දවසේ මම ඒ පාඩම් මාලාවේ පළමු අධියර ඉවර කරා. ඉස්සරහට දෙවෙනි අධියර ලියන්න හිතන ඉන්නවා. එක මට ලොකු සතුටක්.

කොහොමෙන් කොහොමෙන් හරි මම හැමදාම මොකක් හරි පොස්ට් එකක් දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. අලුත් ජෝබකට ලබන මාසේ ඉදන් යන නිසා හැමදාම බැරි උනත් ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවේම මොනවා හරි ලියල මගේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

මාව  දන්නා ගොඩක් අය මට කියන කතාවක් තමා මේකා ලියන්නේ මමද කියල හිතාගන්න බෑ කියල. මොකද මම ෆුල් ෆන්, නව ගිලුනත් බාන චුන් එකේ ඉන්න ඩයල් එකක් නිසා, මේකේ තියන සීරියස් නිසදැස්, සීරියස් අදහස් මම ලියනවා කියල හිතාගන්න බැලූ. හිකි හිකි.

මගේ බ්ලොග් එකේදි මම එක රාමුවකට කොටුවෙලා නෑ. කුප්ප කතා, සීරියස් කතා, නිසදැස්, දැනුම පාඩම්, IQ ප්‍රශ්න, මට ආපු සුපිරි ඊයවල් වගේ නොයෙකුත් දේවල් මම දාල තියනවා. ඉස්සරහටත් දානවා. මොකද මේ මට දැනෙන දේ.... මට දෙයියන්ගේ පිහිටෙන් ලාදුරු නෑ. ඉතින් දේවල් හොදට දැනෙනවා.. පොඩියට ලියන්න හැකියාවක් තියන එකට පින්සිද්දවෙන්න ඒ දැනෙන දේවල් මේ පුංචි ඉඩකඩේ දිගටම කොටනවා. මගේ පොරොන්දුවක්....

අවසාන  වශයෙන් මෙතෙක් කලක් මම එක්ක හිටියහොද නරක දෙකම අඩුවදියක් නැතුව කියල කොමෙන්ට් වලින් මාව දිරිගන්වපු, ඔයාල ඔක්කොටම  මගේ බොක්කෙන්ම නැගෙන තැන්කියු එක මම පුද කරනවා. ඔයාල නිසා තමයි මෙච්චර ගමනක් ආවෙත්, තව ඉස්සරහට මේ ගමන යන්නෙත්... අයෙත් සැරයක් ඔයාලට බොහොම ඉස්තුතියි.. ගොඩක් පිං... කියන ගමන් මම කැපෙනවා...

Saturday, July 16, 2011

කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම් - Some important terms we have to use when dealing with stock market.




අද මම මගේ ආයෝජන පාඩමේ මුලික අධියරේ අන්තිම පාඩම කරන්න යන්නේ. අද පාඩම තමා කොටස් වෙලදපොලේ ආයෝජනයෙදී නිතර යෙදෙන වචන වල තේරුම්. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාල කොටස් වෙලදපොලත් එක්ක ගනුදෙනු කරනකොට. පාඩම මාලාව දිගටම කරගෙන යන්නේ ඔයාලගේ ඉල්ලුමට අනුව තමා. මම රැකියා පොජ්ජත් පොඩ්ඩක් වෙනස් කරලා වෙනමම සයිඩ් එකකට යන්න ඉන්නේ. ඉතින් මගේ ටච් එකත් පොඩ්ඩක් නැතිවෙයි. ඔයාලට ඕනෙම නම මම තවදුරටත් දන්න දේවල් ඔක්කොම කියල දාන්නම්. නමුත් දැනට පළමු අධියර ඉවර කරනවා.


කලින්  පාඩම් මෙතනින් ගිහින් බලන්න.

1) "ආයෝජනය" යනු කුමක්ද? - What is the meaning of "Investment"?
2) ආයෝජනය කල හැකි ප්‍රධාන මාර්ග සහ ඒවායේ වාසි අවාසි - Different types of “Investments” and the advantages / disadvantages of them.
3) කොටස් වෙළදපොල යනු කුමක්ද? එහි ආයෝජනය කරන්නේ කෙසේද? - What is a Stock Exchange? How to invest in Stock Exchange?
4) බ්‍රෝකර් ෆර්ම් සහ ඩිලර්ස් යනු කවුරුන්ද? ඔවුන්ගේ කාර්ය බාරය කුමක්ද?? - Who are Brokerage firms and Dealers? What are the main responsibilities of them?

අද පාඩමට එමු දැන්.

මම මුලින්ම කතාකරන්න හදන්නේ,
Exchange Account (එක්ස්චේන්ග් අකවුන්ට්) එක ගැන. ඇත්තටම මේ කියන්නේ අපි කොටස් වෙලදපොලේ ලියාපදිංචි උනාම කොටස් වෙලදපොලේ අපි වෙනුවෙන් හැදෙන ගිණුම. මේක ගොඩක් වෙලාවට අපේ ජාතික හැදුනුම්පත් අංකයට සමානයි. වෙනස් වෙන වෙලාවල් තියනවද කියල මම දන්නේ නෑ. සමහර වෙලාවට අපේ සාතන් කොලුවා එහෙම ඒවා තියනවද කියල කියාවි. දැනට නෑ කියල හිතාගන්න. ඇත්තටම මගේ කලින් පාඩම් කියවපු අය දන්නවා වෙළදපොලට අපිට කොච්චර සල්ලි තියනවද කියන එක වැඩක නෑ. නමුත් අපිට අයිති මොන කොටස්ද කියන එක එයාට වැදගත්. මොකද අපිට අයිති නැති දෙයක් විකුනන්න දෙන්න බෑනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ගිණුමේ තියෙන්නේ අදාළ පුද්ගලයට අයිති කොටස් වල විස්තර කියල කිව්වොත් හරි. මේ ගිණුම පවත්වාගෙන යන්නේ කොටස් වෙළදපොලෙන් කියන එක මතක තියාගන්න. මේක අපේ බ්‍රෝකර්ටවත්, ඩිලර්ටවත් ඇගිලි ගහන්න බෑ..

Cash Account (කෑෂ් අකවුන්ට්) මේකේ නමින්ම තේරෙනවනේ මේ මොකද්ද කියල. මේකේ තියෙන්නේ අදාළ පුද්ගලයාගේ ගිණුමේ කොච්චර සල්ලි ප්‍රමාණයක් තියනවද කියන එක. ඇත්තටම මෙතන ගිණුම් ශේෂය සහ ක්‍රියාකාරී ශේෂය කියල දෙකක් තියනවා. ගිණුම් ශේෂය කියන්නේ ඇත්තටම තියන සල්ලි ගාන. 
නමුත් ඔයා හිතන්න ඔයා ලග රු: 10,000.00ක් තියනවා. තව රු:10 බැගින් කොටස් 100ක් ගන්න බයි ඕඩර් එකක් දාල තියෙන්නේ. නමුත් තාම ට්‍රේඩ් එක වෙලා නෑ. ඒ කියන්නේ පෙන්ඩින්. කොයිවෙලේ හරි මැච් වෙන ජොන්ටෙක් ලැබුන ගමන් මොකද වෙන්නේ. ඕක ට්‍රේඩ් වෙනවා. නමුත් ඕක ට්‍රේඩ් වෙන්න කලින් ඔයා අතේ තියන සල්ලි ඔක්කොම වියදම් කරලා තිබුනොත් මොකද වෙන්නේ?? අපි කතා කරපු ඕඩරේට ගෙවන්න සල්ලි නැති වෙනවා. මේක වෙන්න දෙන්න බැරි නිසා, අපි ඕඩරයක් දැම්ම හැටියේ ඕඩරයේ වටිනාකම අපේ කෑෂ් බැලන්ස් එකෙන් අඩු වෙනවා. ඇත්තටම බ්ලොක් වෙනවා. දැන් මේ කතාවට අනුව මේ වෙලාවේ ඔයාගේ ගිණුම් ශේෂය 10,000 නමුත් ක්‍රියාකාරී ශේෂය 9000, බ්ලොක් අමවුන්ට් එක 1000. වැඩේ තේරෙන්න ඇති මම හිතන්නේ.
මේ අකවුන්ට් එක මැනේග් කරන්නේ අපේ බ්‍රෝකර් කොම්පැනියෙන්. මොකද එයාට තමා අපේ තියන සල්ලි ගාන වැදගත් වෙන්නේ.

Portfolio (පොට්ෆෝලිඕ) මේකත් ගොඩාරියක් දුරට Exchange Account එකට සමානයි. වෙනස තමා මේක පවත්වාගෙන යන්නේ අපේ බ්‍රෝකර්. මොකද ඌ දැනගන්නත් ඕනේ අපිට අයිති මොනවද නැත්තේ මොනවද කියල. එක කස්ටෙකුට පොට්ෆොලියෝ කීපයක් තියෙන්න පුළුවන් වීම මේකේ විශේෂත්වයක්. මොකද ඔයා හිතන්න ඔයා එකවර වෙළදපොළවල් කීපයකට සම්බන්ද වෙලා ඉන්නවා, එහෙමත් නැත්නම් ඔයාට එකිනෙකට වෙනස් මුදල් ජාති (රුපියල්, ඩොලර්, යුරෝ...) වල අකවුන්ට් තියනවා කියල එතකොට එකෙනෙකට එක පොට්ෆොලියෝව බැගින් තියනවා. 

ඕව තමා ප්‍රධාන වශයෙන් බාවිතා වෙන ගිණුම් ජාති. මීට අමතරව බැංකු ගිණුම් සිකුරිටි ගිණුම් වගේ දේවල් තියනවා. අපි ඒවා දෙවෙනි අධියරේ කතා කරමු.

මේ මම කියපු ගිණුම් එකිනෙකාට බැදිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් Exchange Account එක සහ Cash Account එක අතරමැද තියන Security Account එකක් හරහා බැදිලා තියනවා. Cash Account එකකට Portfolio එකක් මැප් වෙලා තියනවා. වෙනස් Portfolio කියන්නේ ඒවාට මැච් වෙන විදියට උඩ තියන ගිනුමුත් වෙනස් වෙනවා. උදාහරණයක්‌ විදියට මුදල් ජාති දෙකක Portfolio දෙකක් ජොඉන් වෙලා තියෙන්නේ වෙනස් Cash Account දෙකකට. ඔය විදියටයි වැඩේ යන්නේ.

දැන් අපි කතා කරමු Margin ගැන. මාජින් කියන්නේ අපේ බ්‍රෝකර් අපිට දෙන සහනයක්. මේක හම්බානකට ගැබුරු සබ්ජෙක්ට් එකක්. මම සරලව කියන්නම්. ඔන්න ඔයාලග තියනවා මාකට් එකේ හොදට ට්‍රේඩ් වෙන කොටස් වලින් යම් ප්‍රමාණයක්(රු:10000 වටිනා කොටස් කියමු) සහ සල්ලි රු: 1000ක. ඔයාට ඕන වෙනවා රු: 3000ක කොටස් ගන්න. නමුත් සල්ලි නෑ. ඔයාට මොකද්ද කරන්න පුළුවන්. ටක් ගාල බ්‍රෝකර්ට කතාකරලා කියනවා මට මාජින් එකක් දෙන්න කියල. දැන් මු බලනවා ඔයාගේ Portfolio එක. එල... හොදට ට්‍රේඩ් වෙන කොටසකින් හොද ගානක් තියනවා මු ලග. අනිවා මේක විකුණලා අපිට මේ දෙන ලෝන් එක ගොඩ දාගන්න පුළුවන්. මාජින් එකක් දීල දානවා. සරලව කිව්වට. මෙතන හම්බානක ඇනලයිසින් පාට් එකක් තියනවා. මම මේ ඉතාම සරලව කිව්වේ. අනිත් එක හොද කස්ටෙක් නම් උගේ තියන සල්ලි බැලන්ස් එක අනුවත් මාජින් දෙන වෙලාවල් තියනවා. අපි මාජින් අරන් තියනවනම් අපිට සල්ලි ලැබෙන වෙලාවලදී මුලින්ම වෙන්නේ මේ මාජිං සෙට්ල් වෙන එක. ඊට පස්සෙයි අපේ කෑෂ් බැලන්ස් එක නගින්නේ.

ඔන්න ඕකයි කතන්දරේ.... ආයෝජන පාඩමේ මුල් අධියර ඉවරයි. මොනවා හරි ප්‍රශ්න තියනවනම් ලජ්ජා නැතුව අහන්න. මම කිව්වේ පාඩමට අදාලව හොදේ.. වෙන වෙන කුප්ප කතා එහෙම අහල අහුවෙනවා එහෙම නෙමේ...


එහෙනම් අපි කැපුන...

Thursday, July 14, 2011

කොළබ ආසන්නයේ බ්ලොග් කරුවන් සූ... ගා අද සෙට් ඌ වගයි....


කොළබ ආසන්නයේ සිටිනා බහුතරයක් බ්ලොග් කරුවන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් ඉතා අමාරුවෙන් සෙට් ඌ වගයි.

කට්ටිය සෙට් වෙනවා කිව්වම මම කොලුවත් ගියා මොකද ඉතින් ලොකු ලොකු බ්ලොග් කාරයෝ සෙට් වෙලා පොඩ්ඩක් අනුමත වෙලා එහෙම එන්න හිතාගෙන. උදේම මගේ වයිපරේවත් දාගෙන මම කොලුවාගේ පොඩි වාහන කට්ටෙන් ගියේ නැතා ගෝල්ෆේස් එකට. 

දුන්න කෝල් එකක් දිලිපයට 

" මචං මම මේ මට දැනෙන දේ.... ලියන ADK කොලුවා කතා කරන්නේ. උබල කොහෙද??"

"අහ්හ්.. මචං ගෝල්ෆේස් ඒකේ අර පාලම තියන තැනට වරෙන්. අපි එතන ඉන්නවා."

මමත් ගියාලු ඉතින් එතනට. පාලමේ හෙන සෙට් එකක් ඉන්නවා. මට නිකන් පික්සු වගේ. ඇයි ඉතින් මම කාවවත් දන්නේ නෑනේ. එතැනදී ආයෙත් කෝල් එකක් දුන්න. 

"කෝ මචං උබ." 

"ඔතන හිටපන් මම කළු කිට් එකක් ඇදන් ඉන්නේ. මම එන්නම්."

මෙන්න බොලේ ඈත ඉදන් එනවා කෙට්ටු සුදු ජොන්ටෙක්. 
"හලෝ මචං මම දිලීප."

"හලෝ හලෝ.."

වරෙන් කට්ටිය අතන ඉන්නවා. මමත් ඌ පස්සෙන් ගියේ නැතා.. අම්මට සිරි සූ.. ගාල තව 5 දෙනෙක් ඉන්නවා. මට පොලව පලාගෙන යන්න හිතුන. දැන් ඉතින් ආයෙත් යන්නය කියලද?? ඉතින් ඉවසන් හිටිය. ඇවිල්ල ඔය නෙයෙකුත් වල් පල් සහ දැන ඇදුනා ගැනීම් මෙන්ම දිලීප, උදිත සහ නගාගෙ මඩ සමග (මම සාමාන්යෙන් ගොඩක්ම බොක්කවල් වලට ඇරෙන්න මඩ ගසන්නේ නැති නිසාත්, මේ සෙට් එක තවම මගේ ගොඩක්ම බොකු නොවන නිසාත් මම ඔය මඩ ගැසීමෙන් වෙන්ව සිටිමි. නගා, ඉෂාර සහ චාටර් කොලුවා ඇති තාක් මඩ ගසනු ඇත.)  ටික වෙලාවක් හිටිය.  ඔය අතරේ තමන් ගැන, තමන්ගේ බ්ලොග් ගැන, බ්ලොග් කෙරුවාවේ ඉතිහාසය ගැන කට්ටිය තම තමන් හදුන්වා දුන්න.

වැඩේ කියන්නේ චැට් ඒකෙ බල්ටි ගහන චාටර් කොල්ල නිකන් පෝය දවසේ සිල් අරන් වගේ.. කිසි සද්දයක් නෑ (වැඩි දුරත් මඩ සදහා මම අනිත් අයට ඉඩ තබමි).

කොහොම කොහොම හරි මම තමයි එතන හිටිය ලොකුම(වයසෙන් වැඩිම) ජෝන්ට. ඔන්න ටිකකින් තවත් හීන් දෑරී හුනෙක් වගේ ජොකියෙක් පාත් උනා. මු සුලගිල්ල ලියන පවිය කියල පස්සේ දැනගන්න ලැබුන.
මුගේ බ්ලොගය වගේම මු චාටර් බුවෙක් බව කට්ටියගේ කතාවෙන් තේරුණා.

කට්ටිය හිටගෙන උස යන්න වගේ ඉදිල්ලේ වැඩක් නැති නිසා ගියා පොඩ්ඩක් ඇවිදන් ඉස්සරහට. ඔතනදි මගේ හක්කේ තිබු ගැලවෙන්නට තිබුන දත් දෙකක් විතර කිසිම අව්ලක් නැතුව ගැලවුනා කියලනම් කියන්න පුළුවන්. 

නගා, වයිපරේ

 මේ අස්සේ වයිපරේ සමග නගා රැල්ල පාගන්න ගිය අතරේ, එතන හිටිය ලස්සන පිට්ටුවක් වැනි අක්ක කෙනෙක් තමාගේ රතු පාට බින්දු බින්දු වැටුන හැඩකාර සුදු යට ඇදුමේ වැඩි හරියක් අපිට පෙන්නන්න තරම් නිහතමානී උනා. අපිටත් ඉතින් ගෝල් ෆේස් ඇවිල්ල පාර දිහා බලන්න ඉන්න බැරි නිසා මුහුද දිහා බලන් හිටිය ඇරෙන්න අර අක්කගේ යට අදුම දිහා ඇහක් ඇරලා බැලුවේ නෑ කියල මම එක හෙලා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඉස්සෝ වඩේ, කකුළුවෝ වඩේ සමග බිමට කෝක් අරන් මගේ හක්කේ දත් ගලවාගැනීමේ පිනට ලබන ආත්මේ මාව කක්කුට්ටෙක් වී හරහට යන්න හෝ ඉස්සෙක් වගේ අපද්‍රව්‍ය ඔලුවේ තබාගන්න හෝ බැරිම උනොත් අඩුම ගානේ වඩයක් වෙන්න වත් මේ පින් හේතු වාසනා වෙන්න කියල කියන්න අපේ දිලීප අමතක කරේ නෑ.

1.චාටර් කොලුවා, 2.උදිත්, 3.පවිත්‍ර, 4.මලිත්, 5.දිලීප, 6.මම කොලුවා, 7.වයිපරේ
පින්තුරය නගා විසින් ගන්නා ලදී.

යුවතියන් දෙදෙනා රැල්ල පාගා පැමිණි නිසා අර අක්කගේ රතු බොල බෝල යට ඇදුමට ටටා කියපු අපි අකමැත්තෙන් ගෝල්ෆේස් පාලම දිගේඉස්සරහට අදුන. පස්සේ පොඩි පින්තුර කෑලි ටිකක් ගහන්නත් අපි අමතක කරේ නෑ. ඔය අතරේ කොට සායක් ඇදගෙන ගෝල්ෆේස් බලන්න ආව තවත් අක්ක කෙනෙක්ට කුපාඩි හුලග කරපු නොහොබිනා වැඩේ ඇස්දෙකෙන් දකින්න තරම් අපි පවු කාරයන් උනා කියල දුකෙන් උනත් මට කියන්න වෙනවා. (ඒ අක්කනම් අදුරු පාට වලට ගොඩක් කැමති කියල අපිට තේරුනා)

තව දුරටත් මේ නොහොබිනා වැඩ බලන් ඉන්න බැරි නිසා අපි ගෙවල් වලට යන්න කැපුන. මම මගේ වාහන කට්ටේ අපේ නගාව දාගෙන ආපු එකට මේ වෙනකොටත් හම්බානක කතා හැදිලා ඇති කියල මට දැනෙනවා. මොනවා කරන්නද කුජිතයන් අතර ඉන්නවනම් මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. 

ඔය එන ගමන් වයිපරයට සහ නගාට අයිස් ක්‍රීම් කෑමේ දොළ දුකක් ඇති වීම හේතුවෙන් මගේ තවත් දතක් ගැල උන බව දත් රහිත කටක් ඇති මා දුකින් පවසමින් පොස්ට් එක ඉවර කරනවා.

ප,ලී. : අප්පට සිරි නගා කිව්වා එයා මේකට ආවේ නෑ කියල. මේ මම පොස්ට් ඒකෙ නගා කියල දාල තියන තැන් කිසි එකක් ඔයාල දැක්කේ නෑලු හොදේ.. ඔන්න නගා අද ආවේ නෑලු. එයා හෙට තියන විබාගෙට පාඩම් කරාලු ගෙදර ඉදන් දවසෙම.. හිකි හිකි...

Wednesday, July 13, 2011

ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..

හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා ඉන්නේ. විස්තර ඇතුව කිව්වොත් BSc in Management Information System, Second Class Honours, Grade I උපධිකාරයෙක් දැන්. කොහොමද ඒක.. ලොල්ය.. සෑහෙන්න සතුටුයි. අවුරුදු 4ක මහන්සියේ ප්‍රතිපල. පන්තියේම ඉන්නේ First Class ළමයි 6යි නිසා  Class ඒක ගැන හිතට දුකක් නෑ.

උපාධිය ගත්ත කියල කොලුවා නැවතුනේ නෑ. MSc එකකුත් දැනට කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිපල එලියට දාපු දවසේමයි. මොකද කාලය අපතේ යවන එක හොද වැඩක් නෙමේ. දැනට ඒකෙ එක සබ්ජෙක්ට් එකකුත් ඉවරයි.

දැනට මට වයස 24යි. දෙයියනේ කියල 25 ඉවර වෙන්න කලින් මාස්ටර්ස් එක ඉවර කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

සමහර මාව දැකල නැති අය ඇතිනේ ඔය පහලින් ඉන්නේ මම කොලුවා තමා. 


මේ  ඉන්නේ කොලුවා අම්මියත් එක්ක.


මේ ඉන්නේ කොලුවයි, කොලුවාගේ තාත්තයි.


පොටෝ වලින් මේක පුරවන්න බෑ නිසා දැම්මේ තුනයි. තව ගොඩක් පොටෝ මගේ බුකියේ දානවා ඉස්සරහට. බලන අය බලන්න. පොටෝ ටික දාල ලින්ක් එක මෙතන දාන්නම්.



Thursday, July 7, 2011

සරසවි ජිවිතයෙන් පසු - තිත්ත ඇත්ත


අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා...


හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

Tuesday, July 5, 2011

ජීවිතය තවත් කෝණයකින් - Life in another angle


මේ දවස්වල මගේ රැකියාවේ මගේ රෝල් ඒක වෙනස්වෙලා මට පික්සු වෙලා ඉන්නේ. ඉතින් පොස්ට් දාන්න තියා දාපු කොමෙන්ටුවක් බලන්නවත් එන්න වෙලාවක් නෑ. නමුත් මේ පැත්තේ නිකන් තණකොළ වැවිලා වල් වැදිලා යන්න දෙන්න බැරි නිසා සහ අද මට ආපු ඊයක් නිසා පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියල හිතුන.

වැඩි වල වටාරම් ඕනේ නෑ. මේ ජීවිතය තවත් කෝණයකින් දැකපු කෙනෙක්ගේ අදහසක්. පින්තුර ටිකකින් මුලු ජිවිතයම විස්තර කරලා තියනවා...



https://picasaweb.google.com/113580666513230874695/Life?authkey=Gv1sRgCPvXyNGkgN-jlwE#5625835764316347666



ප.ලි. : බ්ලොගයට පිස්සු හැදී ඇත... පින්තුර වැඩ නැත... අප්ලෝඩ් වෙන්නේද නැත. මේක තවදුරටත් බැලීමට මට වෙලාවකුත් නැත..  වෙන කරන්න දෙයක් නැති නිසා මම පිකසාවේ අප්ලෝඩ් කර ලින්කය දැමුවෙමි.. සියල්ලෝ සමාවෙන සේක්වා....


ප. ප. ලි: යාන්තම් පින්තූරය අප්ලෝඩ් උනේය..... හිකි හිකි...

Monday, July 4, 2011

ජීවිතය සහ සල්ලි - Life vs Money

අද ලියන්න දෙයක් හිතනකොට මට හිතුන පොඩි ටිප්ස් ටිකක් කියන්න ඕනේ කියල. මේක මට ආවේ ගොඩ කාලෙකට කලින් ඊයකින්. ඒත් මේ ටික මගේ ඔලුවේ තිබුන තදටම.. 

එකේ තිබුනේ ජිවිතේ සහ සල්ලි කියන දෙක සම්බන්දව හොද ටිප්ස් ටිකක්. මම ඒ ටික සිංහලෙන් ඔයාලට කියන්නම්..



1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ.. 

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

අනේ මන්ද මම හරිද කියල. මේ ටික මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරපු ටිප්ස් ටිකක්. ඔයාලටත් මේ ටිකෙන් ජිවිතයට ගන්න දෙයක් තියේවි කියල හිතෙනවා.

Friday, July 1, 2011

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද? කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර් යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද? Who are traders? And what is the relationship between Stock Exchange – Broker – Trader







මේ අද දවසට මගේ දෙවෙනි පොස්ට් එක. අදට මම බ්ලොග් ඒක පටන් අරන් හරියටම මාස දෙකයි. අන්න ඒක ගැන තමයි පලවෙනි පොස්ට් ඒක. කියෙව්වේ නැත්නම් මෙතනින්(මගේ බ්ලොග් එකට මාස දෙකයි, ඔබ සැමට ස්තුතියි...) ගිහින් මට පොඩි විශ් පාරක් දැම්මේ නැත්නම් තරහයි ඔන්න හොදේ.. හිකි හිකි..

ට්‍රේඩර් යනු කවුරුන්ද? ඔවුන්ගේ වර්ග මොනවාද?
කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කෙසේද?


අද අපි මුලින්ම බලමු කවුද මේ ට්‍රේඩර් කියන්නේ කියල. කෙටියෙන්ම සරලව කිව්වොත් ට්‍රේඩර් කියන්නේ කොටස් වෙලදපොලේ ආයෝජනය කරලා, කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම කරන  අපි වගේ මිනිස්සුන්ට. මම මුලින් කිව්වා ඔයාලට මතක ඇති කොටස් වෙළදපොළ කියන්නේ මිනිස්සුන්ට කොටස් කියන දේ විකුනන්න, මිලදී ගන්න අවශ්‍ය සේවාවන් සපයන ආයතනයක් විතරයි. මෙතන ගනු දෙනු කරන්නේ අපි අපිමයි. මම කොටසක් විකුනන්න දානවා, වෙන කෙනෙක් ඒක මිලදීගන්නව. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

මෙතැනදී මම කොහොමද මේ ට්‍රේඩ් එකක් වෙන්නේ කියන දේ පොඩියට උදාහරණයකින් කියන්නම්.

ඔන්න මගේ ලග තියනවා හෝටලයක කොටස්. මගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව මම හිතනවා “තවදුරටත් මේ වෙඩිම තියන ඉදල වැඩක් නෑ. විකුණලා දානවා” කියල. දැන් මම මොකද කරන්නේ? මේක විකුනන්න ඕනේ නිසා මෙන්ම පාඩුවක් එක්ක දෙන්නත් බෑනේ. මම බලනවා දැනට මාකට් එකේ මේ කොටසක් කීයටද ට්‍රේඩ් වෙන්නේ කියල. (මේ අගයට වෙදෙන වචනය තමා LTP - Last Trade Price) මට දැනගන්න ලැබෙනවා දැනට මේකේ මිල රු: 50.00 කියල. නමුත් මම කවදාවත් 50.00ට විකුනන්න කැමති නෑ.(ලොකුම සල්ලි හදිස්සියක් උනොත් ඇරෙන්න) මම දානවා මගේ කොටස් ටික රු:52.00. අපි හැමෝම කැමති වැඩි ගානකට විකුනන්නනේ. ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයාගේ වෙළදපොල ගැන දැනීම, අධ්‍යනය අනුව එයා හිතනවා “අඩේ මේක පට්ට හෝටලයක්. ගන්න ඕනේ මේක.” කියල. නමුත් ඔයාල හිතනවද මාකට් එකේ අන්තිමට මේ කොටස විකිණිලා තියෙන්නේ 50.00කට නම් එයා කවදාවත් 50.00ට හෝ වැඩි ගානකට ඉල්ලයි කියල. නෑනේ. අපි පුළුවන් තරම් බලන්නේ අඩුම ගානකට ගන්නනේ. ඉතින් මිනිහ ඉල්ලනවා මේක 48.00කට. දැන් මගේ ඕඩරේ 52.00යි. එයාගේ ඕඩරේ 48.00මේ දෙක කවදාවත් ට්‍රේඩ් වෙන්නේ නෑ.(වෙන කවුරුවත් මේක ඉල්ලුවේ හෝ විකුනන්නේ නෑ කියල උදහරනේදී මම උපකල්පනය කරනවා) දැන් අපිට බලන්න පුළුවන් අපේ මේ කොටසට කොහොමද ඉල්ලුම හා සැපයීම කියල. මේවට කියන්නේ Best Bid-හොදම ඉල්ලුම(අනිත් කෙනාගේ ඕඩරේ) , Best Offer- හොදම සැපයුම(මගේ ඕඩරේ). දැන් මේ විදියට පැය දෙක තුනක් යනවා.අරූ මගේ ගානට ගන්න කැමතිත් නෑ, මම උගේ ගානට දෙන්න කැමතිත් නෑ.. නමුත් ඔහොම යනකොට දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඉවසීමේ සීමාව පනින වෙලාවක් එනවනේ. ඔන්න මගේ සීමාව පැන්න කියමුකෝ. මම මගේ ඕඩරේ වෙනස් කරනවා 48.00කට විකුනන්න. ඔන්න දැන් එකම ගානට දෙන්න එක්කෙනෙකුයි, ගන්න එක්කෙනෙකුයි ඉන්නවා. ට්‍රේඩ් එක වෙනවා. දැන් කීයද LTP එක?? 48.00 මොකද අන්තිම ට්‍රේඩ් එක මගේ එකනේ. ඔන්න ඔහොමයි ට්‍රේඩ් එකක් වෙන්නේ සහ වෙලදපොලේ කොටසක මිල වෙනස් වෙන්නේ.

ට්‍රේඩර් ගැන ඉතින් වෙන කියන්න දෙයක් නෑ. දැන් අපි බලමු ට්‍රේදර්ල ජාති මොනවද කියල. මෙතන මම තියරි කියන්න බලාපොරොත්තුවක් නෑ. තියරි ඕනෙනං ජාලේ ඕන තරම් තියනවා. ප්‍රක්ටිකලි මාකට් එකේ ඉන්නවා Day Traders කියල ජාතියක්. මුන් කරන්නේ බ්‍රෝකර් ගාවට ඇවිත් දවසට ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් ණයට හෝ ඩිපොසිට් කරනවා. කරලා දවස ඇතුලත කොටස් අරගෙන, විකුණලා ජල්තර දාල හවසට ණයක් ගත්තනම් එකත් පියවල ලාබේ සාක්කුවේ දාගෙන යනවා යන්න. මෙහෙම අය ගොඩක් ඉන්නවා. මුන් පට්ට ඩයල්. මාකට් එක හොදට දන්නවා. සතියට සැරයක් ඇවිල්ල ට්‍රේඩ් කරලා දවසකින් 10000-15000 හොයන යන අයත් ඉන්නවා.

තවත් මාකට් එකේ ඉන්නව ජොලි ජාතියක්. දැන් ඔය අව්රුද්දෙ නොයෙක් කාලවල කොම්පැනිවල බෝඩ් මිටින් තියනවනේ. මේ බෝඩ් මිටින් වලට කොම්පැනියේ චන්ද හිමි කොටස් තියන හැමෝටම යන්න පුළුවන්. මේ මිටින් තියෙන්නෙත් හොද තරු පන්තියේ හෝටල් වල. මේ ජෝන්ටෝ මොකද කරන්නේ බෝඩ් මිටින් තියන කාලෙට ගන්නවා කොටස් ටිකක් ඒ කොම්පැනියෙන් අරගෙන මිටින් එකට ගිහින් හොදට කාල බිල ඇවිල්ල අර කොටස් ටික විකුණලා දානවා. මේක ගොඩක් කරන්නේ ඔය කොට් ඇදගෙන ඉන්න පරණ ජොකියෝ තමා.

ඔයවගේ ගොඩක් ජාති ඉන්නවා. මම වැඩිය කස්ටෝ එක්ක ගැවසෙන්නේ නැති නිසා ඒ ගැන වැඩිය දන්නේ නෑ. දන්නේ නැති දේවල් කියන්න හොද නෑ.

මට එකක් අමතක උනා කියන්න. දැන් මේ ඩිලර්ල ඉන්නවනේ උන් කරන්නෙත් ඕඩර් දාන එකනේ. දැන් එතකොට උනුත් ට්‍රේඩර් ගණයට වැටෙනවද?? උත්තරය නෑ. මොකද උන් ඕඩර් දාන්නේ එයාල වෙනුවෙන් නෙමේ. වෙන අය වෙනුවෙන්. එතකොට එයාල ට්‍රේඩර් ගණයට වැටෙන්නේ නෑ.

දැන් මම හදන්නේ මගේ අන්තිම පාඩම් තුන එකට එකතු කරන්න. ඒ කියන්නේ, කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව එකිනෙකාට සම්බන්ද වෙන්නේ කොහොමද කියන එක මම වචනෙන් විතරනේ කිව්වේ. ඒක පොඩි චාට් එකකින් පහල තියනවා. 


කොටස් වෙළදපොල - බ්‍රෝකර් ෆර්ම් / ඩිලර්ස් - ට්‍රේඩර්  යන පාර්ශව අතර ගනු දෙනු වෙන්නේ මෙන්න මේ ආකාරයට තමා. 


මෙතැනදී කස්ටට ඕනෙනම් තමන්ගේ ගනු දෙනු තමන් සම්බන්ද වෙලා ඉන්න ඩිලර්ට කරන්න කියල කරවගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ම තමන් වෙනුවෙන් එම ගනු දෙනු කරන්න පුළුවන්. කොහොම කරත් ඒවා වෙළදපොලට යන්නේ බ්‍රෝකර් හරහා තමයි.
එහෙනම් අදට පාඩම් ඉවරයි.. අපි කැපුන.