Wednesday, May 18, 2011

කච්චගේ කුලුදුල් බීම - බෝතලයක් වටා රස කතා (1)




මගේ අන්තිම පොස්ට් එකට ලැබිච්ච ප්‍රතිචාර (ගොඩගේ ඩයලොග් සිම් එක - සරසවියේ අනං මනං (1)) නම් හරිම දුර්වලයි. වැලේ වැල් නෑ. කමක් නෑ. මමත් දවස් 4 ක් විතර හිටියේ නැති නිසා කියමුකෝ.
අද මම කියන්න යන්නේ වෙනද වගේ පරණ කතාවක් නෙමේ. අලුත්ම අලුත් කිරි ටෝය්ය කතාවක්. අලුත් කිව්වට මේකේ ආරම්බය විතරයි අලුත්. කතාව පරණයි. අදින් මම බ්ලොග් එකට අලුත් කැටෙගරියකුත් පටන් ගන්නවා "බෝතලයක් වටා රස කතා" කියල. මේකෙන් නමට ගැලපෙන ආකාරයේ රස කතා ගොන්නක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි ඉතින් කොමෙන්ට්ස් නැත්නම් එකක් වත් නෑ. ලියන්නත් කම්මැලි.
 
පහුගිය දීර්ග සති අන්තයේ මම ගීයා අපේ රටේ ජාතික සම්පතක් වෙන සිංහරාජ කැලයට, වන වදින්න. අපේ අයියගේ ප්‍රදාන අනුග්‍රහයෙන් තමා ගමන ගියේ. යන්න කලින් ගමනට අපේ කොල්ලෝ 25 විතර හිටියට අනේ දෙය්යනේ කියල පොලු දුසිමක් විතර සෙට් උනා. අන්තිමට සු කියල ගමනට හිටියේ කොල්ලෝ 3 දෙනයි. මම වහන්සේ, අපේ කොටාස් සහ අද කතාවේ නායකයාණන් වහන්සේ - කච්ච. දුන්න පොලු වලට අනිත් ඔක්කොටම ගොඩක් පින්.
ඔන්න අපි ඉතින් සෙනසුරාදා උදේ ගමන පිටත් උන. කොහොම හරි මග පිස්සු කරලා කැලේ ගාවට එනකොට වෙලාව 4.00 ට විතර ඇති. අපේ මාතර පුන්චිලත් ඒ වෙලාවට ඇවිල්ල තිබුන. දැන් කට්ටිය අපේ බංගලාවට යන කිලෝ මීටර් 7 ක ගමන පටන් ගත්ත. අපරාදේ කියන්න ඕනේ නෑ පාරනම් සුපිරියටම කැඩිලා. ආ මට අමතක උනානේ කියන්න. අපි මුලින් සෙට් වෙලා හිටියේ, අපේ ගෙදර කට්ටිය අපේ ගෙදර ජීප් එකේ සහ අපේ කොල්ලෝ සෙට් එක කච්චගේ මසියගේ වැන් එකේ යන්න. නමුත් ගමන උදේ බලනකොට ඔක්කොම ඉන්නේ 8 කොළබින් යන්න. පුන්චිල එන්නේ මාතරින්. ඉතින් තෙල් ගහගෙන වාහන දෙකක යන එකේ තේරුමකුත් නෑ. අපේ වන්ඩියේ 8 කට යන්නත් බෑ.  වැන් එකේ වලාවක් සහිත කදු නගින්න අමාරු බව දැනගෙන උනත්
අපි වැන් එකේ යන්න තීරණය කරා ඔක්කොම. දැන් කන්ද නගින්නේ වැන් දෙකක්. මේ වැන් දෙකම ටිකක් උස උනාට තිබුන වලවල් වලට අපේ ජීප් එකවත් යන්න බෑ මගේ හිතේ. කි.මි. 1 ක් විතර ගිය වාහන දෙක හිර උනා. ඉස්සරහට යාමක් බෑ. දැන් ඉතින් මොනවා කරන්නද අදුරත් වැටීගෙන එනවා. රෑ කලේ මැද්දේ ඉන්නත් බෑ. අලි ඉන්නවලු. ඉතින් ආයෙත් හෙන ගේමක් දීල නැවතත් පාරට ආව. එනකොට රෑ 7.00 විතර වෙලා. කට්ටිය කතා උනා ලග ටවන් එකට ගිහින්. උස වාහනයක් කතා කරගන්න. වාහන තියනවා එත් එකෙක් වත් කැමති නෑ යන්න, මොකද දැන් රෑවෙලා පට්ට කලුවරි, පාරත් සුපිරියටම කැඩිලා. වෙන කරන්න දෙයක් නෑ. කට්ටිය කතා උනා එදා රෑ කොහේ හරි ඉදල උදේම උඩට යන්න. නවතින්න තැනක්  හොයනකොට සෙට් උනා ක්‍රිස්තියානි පල්ලියක් කාමර තියන. අපි ගීයා බලන්න. කාමර සුපිරි. හොට් වෝටර් එහෙමත් තියනවා. පට්ට හීතලේ ආතක් පාතක් නැතුව හිටිය අපිට හෙන සැටිස් දැන් වැඩේ. ඉතින් ඔන්න නැවතුන. 
දෙය්යනේ කියල කාමර ටික ලැස්ති කරනකල් අපි පල්ලිය කොනකට ගිහින් පලවෙනි බියර් එක කැඩුව. අපි කෑන් අරන් ගියේ ස්පෙෂල් බ්‍රවේ ලාජ් එක. කොහොම හරි මින් 10 න් ලාජ් බියර් 4 ක් ඉවරයි. ගියා කාමර වලට. කොට, මම, කච්ච එක කාමරේක. වොෂ් එකක් එහෙම දාගේම පල්ලිය ඇතුලෙම ඉදන් අයෙත් බොන්න ගත්ත. බියර් ස්පෙෂල් බ්‍රවේ ලාජ් 10-12 ක් හිස් වෙනකොට ඉතින් දැන් කට්ටියට මද පවනට වැදිලා. කන්දේ වාහන තල්ලු කරලා ඇගේ අමාරුවට එක්කම, දේශගුණ වෙනසට දැන් නියම ගණන්. ඔන්න ඔය වෙලාවේ තම අපේ කතා නායක කච්ච මුලින්ම රහමෙර පානය කිරිල්ල ගැන දොඩවන්න ගත්තේ.
උට අනුව කතාව මෙන්න මෙහෙමයි (මටත් සම්පුර්ණ කතාව මතක නෑ. පොඩි පොඩි අමතක තැන කතාරසයට බාදාවක් නොවෙන විදියට ගලපලා ලිව්වා. හිකි හිකි). මෙන්න කතාව උගේ වචනයෙන්ම.

ඔන්න මචන් මම 9-10 වසරදී විතර වාර විබාගයක් ඉවර වෙලා කොල්ලෝ ටික සෙට් උනා පොඩි බිමකට. උබල දන්නවනේ මම ඉතින් පොඩි එකනේ. උස ගියෙත් මේ ඉයේ පෙරේද. මටත් ආසයි, හැබැයි මෙලොමගුලක් දන්නේ නෑ. බිව්වම වෙරි වෙනවා කියල අහල තිබුනට ඔය මගුලක් දැනගෙන හිටියේ නෑ. දැන් කොල්ලෝ සෙට් එක එකතුවෙලා බොනවා. මමත් ඉතින් හෙනම බෙබා වගේ බර ෂොට් දාගෙන පොඩ්ඩක් තොලේ ගානවා හෙමිට ඉතුරු ටික පිටිපස්සෙන් බිමට හලනවා කට අබුල් කරගෙන මස් කෑල්ලක් හපනවා. දැන් කොල්ලෝ හුරේ කියල ගහනවා. මමත් හුරේ කියල බොරුව දානවා. මම ඉතින් ඔය වෙරි වෙමක් දන්නේ නෑනේ බන්. දන්නෙම නැතුව මම වැටිලා. දවල් 2.00 ට විතර පටන් ගත්ත බිම, මම ඇහැරෙනකොට 7.00 ට විතර මම ඉන්නවා පාලු ගෙදරක. බල්ලෙක් වත් නෑ.
මම නැගිට්ට වට පිට බැලුව. එල කිරි ඉන්න පොට් එකනම් දන්නවා. අපේ ගෙවල් වලට ටිකක් එහා ඇත ඇරලා දාපු පරණ ගෙයක්. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ල ලයිට් එකක් ලගට ගිය ඇදුම හදාගන්න. මොකද මම දන්නවා දැන් මේ වනකොටත් ගෙදරින් කෑම පිගාන නැතිවෙලා. තව පරක්කු උනොත් ඇදත් නැතිවෙනවා කියල. ලයිට් එක ලගට ගියාමයි මට තරු පෙනුනේ. ඇදන් හිටිය සුදු දිග කලිසමේ කකුල් දෙක ලේ එකයි. ඒ මදිවට සපත්තු දෙක කාපු බය්ට් වලින් වැහිලා. මම ටක් ගාල කලිසම පහත් කරලා බැලුව මොකද මේ ලේ කියල. අම්මට සිරි දැනටත් කකුලේ කුඩල්ලෝ 10 ක් විතර ඉන්නවා. සමහර උන් ලේ බිල බිල වැටිලා. තාම ලේ ගලනවා තුවාල වලින්. ඉන්න උන් ටික ගැලෙව්වා. මට දැන් ටිකක ස්පේ මොකද තුවාලයක් නෑනේ. කුඩල්ලෝ කෙස් එකනම් අව්ලක් නෑ. ඕව පුරුදුයි. සපත්තු දෙකට උනා දේ හිතාගන්න පුළුවන් උනා වැටිලා හිටිය තැන සහ වට පිට බැලුවම. දවස් 3 ක විතර කෑම වටේ තිබුන. මම දැන් හිමිට වාඩිවෙලා කල්පනා කරා මොකද්ද උනේ කියල. 

මට එතකොට යාන්තමට මතකයි මම වැඩිවෙලා වැටිලා ඉන්නකොට මගේ යාලුවෙක් මාව කර ගහගෙන ලග තියන දොළ ලගට එක්කන් ගිහින් බිම දාල වමනෙයි මුඋනයි හේදුව. මොලේ තියන හරකෙක් දොළක් ගාව බිම දායිද බන්. එතන කුඩල්ලෝ ඇති කරන පොට් එකක් වගේ තැනක්. කොහොම හරි මු මාවත් වත්තම් කරගෙන ඇවිල්ල දැම්ම පාළු ගෙදරින්. දාල මුත් වැටුන. එච්චරය් මතක. මු පස්සේ නැගිටලා යන්න ඇති. මේ වෙනකොට වෙලාව 8.00 ත් පහුවෙලා. ඇයි ඉතින් බිව්ව වෙලාවල දේවල් මතක් කරන එක ක්ෂණිකව වෙන්නේ නෑනේ.
කොහොම හරි මම අමාරුවෙන් ඉන්නකොට මගේ යාළුවා ආව බයිසිකලේකින්. මම නිකක් දෙය්යෝ දැක්ක වගේ. උටත් හෙන සැටිස්. මොකද මම නගිටලානේ. මුගේ වෙරි හිදිලා මු අයෙත් ගිහින් බොන්න. කොහොම හරි දැන් මු මාව බයිසිකලේට නග්ගගෙන ගෙදර ලගට ගිහින් දැම්ම. දාල මු ගියා යන්න. යකෝ මුට වඩා බයිසිකලේට වෙරි වගේ. බයිසිකලේ හො ගාල වැනෙනවා. කොහොම හරි මම යනකොට ගේට්ටුවත් ඇරලා, ගෙදර ලයිට් එහෙමත් වටේම දාල. මගේ සිගිති මොලේට වැටහුනා මම ඉවරයි කියල. මම වචයක් වත් කතා නැතුව ගියා කාමරේට අඩුම ගැලෙව්වා. රිංගුවා නාන කාමරේට.
අම්මලට මගේ කතාව ඉතින් කටින් කියන්න ඕනේ නෑ මගේ හිතේ. ගදෙන්ම තේරෙන්න ඇති. කලිසමේ ලේ පල්ලම් නොපෙනෙන්න මම කලිසම නවාගෙන අවේ ශෝටක් වගේ. පැයක් විටර මම හිටිය නනා. දැන් මට ඇහෙනවා හුරේ කියල බනිනවා. තාත්ත පොලිසියේ අන්ට්‍රිය කුත් දාල මම නෑ කියල. සද්දේ නැවතුනාම මම හෙමිට එලියට ඇවිත් ඇදුමක් කාරිය දාගෙන. කන් දීගෙන ගිටිය. නෑ කිසි සද්දයක්. මට හෙන අව්ල වගේ. මොකද සාමන්යෙන් කෙස් එකකටත් අම්මගේ බන සති දෙකක් විතර තියනවා. මේකට පැයක් වත් නෑ. මම සද්ද ඇහෙන්නේ නැති විදියට දොර ඇරලා, සාලේ පැත්තට ගියා. කයුරුවත් නෑ. දොරත් වහල දාල. මට කුස්සිය පැත්තෙන් කසු කුසුවක් ඇහෙනවා. මම ගියා ඒ පැත්තට හොර වගේ. අම්මට සිරි; අලි මදිවට කොටි කිව්වලු, අම්ම, තාත්ත විතරක් නෙමේ අක්කත් ඉන්නවා. මම යකනොටම මට ඇහුන දෙයින් මගේ ඔලුව දෙපාරක් කැරකුණ. මම සුරුස් ගාල කාමරේට ඇවිත් නිදාගත්තා. වෙන අහන්න ඕන උනේ නෑ. උබල දන්නවද මොකද්ද තාත්ත කිව්වේ කියල??
 
කොටා: තෝව කොටු මස් කරන්න ප්ලැන් කරනවා ඇති.
මම: අනිවා අනිවා, උබේ ____ දෙකෙන් අල්ලලා එල්ලන්න ප්ලැන් කරනව් ඇති.

කච්ච: නෑ නෑ ඔයි, එහෙම නම් කොච්චර හොදද. තාත්ත කියනවා.
" මුව මෙහෙම තියල බෑ. දැන් නිවාඩු කලෙත් ලබන නිසා. මුව මාසයකට විතර පුනරුත්තාපන කදයුරකට යවමු. "

එහෙනම් අයෙත් දවසක හමුවෙමු. කොමෙන්ට්ස් නම් ඕනේ හොදේ.

12 ප්‍රතිචාර:

Rain Drops said...

අයියෝ මේ කජ්ජ නේද?

Anonymous said...

මේ ඔයාගේ ගිය සැරේ පොස්ට් එකට අපි කෝමෙන්ට් දැම්මෝ මරු කතාව ඒක .. ඒවා දැන් නැතියෝ ..
කවුද ඒවා හොරකන් කරලා ..හානේ

ADK කොලුවා said...

එක තම මමත් බැලුවේ. මගේ මෙයිල් එකට කට්ටිය දාපු කොමෙන්ට්ස් වල නොටිෆිකේෂන් ඇවිල්ල තිබුන.
හැබැයි බ්ලොග් එකේ ඒවා නෑ.
මම නැති අතරේ කවුරු හරි මගේ බ්ලොග් එකට රිංගල වගේ. හොදයි බලමුකෝ.
ඔයාල කොමෙන්ට්ස් දැම්මට ඉස්තුතියි.

HANSAKA said...

DAN KATHAWE KOCHCHARAK ATHTHADA

Dilum said...

KAchchage aramabayada mekaaa....shaa mechcharakal muu meka hite tiya gena idalanee...

Kalpa Liyanwala said...

dilum ai mathak nadda umbata wechcha de?

Damith said...

Yako me kathawa sira.....
kajjama thama kiwwe......
Oka vitarak newe thawa kotiyak vitara kiwwa...
dawas 4k katha kiyannath epa....
Kajjage 1st drink ekata jaya wewa.....

ADK කොලුවා said...

ජයෙන් ජය....

Anonymous said...

Kajja oya kaale ohoma biwwa wagak nam danna ekekwath ne mama hithanne...........
anika muu kiyana hariyaka ohoma dolak thibba kiyala apinam danne ne.....

ADK කොලුවා said...

@ Anonymous: කච්ච ගැන උට වැඩ උබ දන්නවද?? දැන් මම මේ කියන්නේ මොන හරියේද?? මම මේකේ කිසිම තැනක් සදහන් කරලනම් නෑ. අනේ මම දන්නේ නෑ උබ මොකක් ගැන කියවනවද කියල. කොමෙන්ට් එකක් දානකොට නමක් දාපන්. එතකොටවත් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් උබ උන විකාරෙන් කියවනවද නැද්ද කියල. හිකි හිකි

Anonymous said...

pahara storiya hode..................
AAA++++++++++++++++++++++++++++++++++

Pramod said...

kalisame leekai kiwwahama mata eelaga tika keyawanakan hena kuthuhale... mama hethuwe beepu okkoma kajjata p__e a___a p___ta pihiyenuth anala yanna athi keyala, kochchara unath kajjatath a welawe me tikama hethenna athi aniwa... neda kajjo???

Post a Comment